අස්වැසුම අහිමිවුවන්ගේ අභියාචනා ලක්ෂ 10ක් සළකා බැලීම අවසන්

අස්වැසුම අහිමිවුවන්ගේ අභියාචනා ලක්ෂ 10ක් සළකා බැලීම අවසන්

අස්වැසුමට එරෙහි විරෝධතා හා අභියාචනා ලක්ෂ 10 ක් සළකා බැලීම අවසන් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ අනුව පළමු වටයේදී පවුල් ලක්ෂ 18 හමාරක් සහනාධාර ලබාගැනීමට සුදුසුකම් ලබා ඇති බවයි, අමාත්‍යවරයා පැවසුවේ.

අස්වැසුම සඳහා නව අයැදුම්පත් කැඳවීම ලබන 15 වැනිදා ආරම්භ කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Share This