ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන විස්සයි විස්ස තරඟය අද

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන විස්සයි විස්ස තරඟය අද

ශ්‍රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශය අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය සිලෙට්හිදී අද (06) පැවැත්වීමට නියමිතයි .

පසුගිය සඳුදා පැවැති තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ ය.

කෙසේ නමුත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් පනවා ඇති ජාත්‍යන්තර තරග තහනම නිසා ශ්‍රී ලංකා නිත්‍ය නායක වනිඳු හසරංග මෙම තරගයට සහභාගී වන්නේ නැත.

ඒ අනුව පළමු තරගයට නායකත්වය ලබා දුන් චරිත් අසලංක අද තරගයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

දෙරට අතර මේ දක්වා පන්දුවාර 20/20 තරග 14ක් පවත්වා තිබේ.

ඉන් තරග 10ක් ජය ගත්තේ ශ්‍රී ලංකාවයි. බංග්ලාදේශය තරග 4ක් ජයගෙන ඇත.

අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතයි.