මියගිය පුද්ගලයෙකු හඳුනා ගන්න පොලිසිය මහජන සහය පතයි

මියගිය පුද්ගලයෙකු හඳුනා ගන්න පොලිසිය මහජන සහය පතයි

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම, මීගස්සෑගම ප්‍රදේශයේදී පසුගිය මස 28 වැනි දින මිය ගිය 82 හැවිරිදි පුද්ගලයකු හඳුනා ගැනීම සඳහා එප්පාවල පොලීසිය මහජන සහය පතයි.

මෙම පුද්ගලයා කුලී කම්කරුවකු ලෙස එප්පාවල ප්‍රදේශයේ සේවය සඳහා පැමිණ ඇති අතර, එසේ පැමිණි අවස්ථාවකදී ඇති වූ රෝගී තත්වයකින් ඔහු මිය ගොස් ඇතැයි එප්පාවල පොලීසිය පවසයි.

ඔහු සතුව තිබූ සායනික වාර්ථා පොත් වල ඔහුගේ නම ලෙස ඩබ්ලිව් .ඒ සනී ලෙසත්, වයස අවුරුදු 82 ක් ලෙසත් සඳහන් බව පොලීසිය පවසයි.

ඔහුගේ පපු ප්‍රදේශයේ තටු විහිදාගත් පක්ෂියකු මත වචන කීපයක් සහිත පච්චයක්ද කොටා ඇති බවත්, එය තරමක අපැහැදිලි බවද පොලීසිය පවසයි.

ජීවිතක්ෂයට පත් පුද්ගලයාගේ දේහය මේ වන විට තඹුත්තේගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මොහු පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 025-2249122 දුරකථන අංකයෙන් එප්පාවල පොලීසිය දැනුම්වත් කරන ලෙසත් ඉල්ලා සිටියි.

Share This