මාතලේ – මහනුවර දුම්රිය ධාවනය නතර කෙරේ

මාතලේ – මහනුවර දුම්රිය ධාවනය නතර කෙරේ

දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මහනුවර සිට මාතලේ දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව නතර කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

මහනුවර සහ කටුගස්තොට අතර දුම්රිය මාර්ගය නඩත්තු කිරීමක් හේතුවෙන් මෙලෙස අදාළ කොටසේ දුම්රිය ධාවනය තාවකාලිකව නැවැත්වීමට පියවර ගෙන ඇත.

එබැවින් අගෝස්තු මස 18 වනදා මධ්‍යම රාත්‍රියේ සිට 21 වනදා පෙරවරු 04.00 දක්වා එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සිදු නොවන බව ශ්‍රී ලංකා දුම්රිය මූලස්ථානයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (ගමනාගමන) එන්.ජේ. ඉඳිපොලගේ මහතා පැවසීය.

Share This