පිහිනුම් තටාකයේ නාන්න ගිහින් මිතුරන් ඉදිරියේම අවසන් ගමන් යයි

පිහිනුම් තටාකයේ නාන්න ගිහින් මිතුරන් ඉදිරියේම අවසන් ගමන් යයි

මිතුරන් පිරිසක් සමග කළුතර මිල්ල ගස් හන්දිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක පිහුනුම් තටාකයේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (21) පස්වරුවේ දියේ ගිලී මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ දියේ ගිලි මියගොස් ඇත්තේ, පරගස්තොට කපුදූව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි හිදෙල් පිටියගේ ප්‍රියන්ත නැමැති පුද්ගලයෙකු බව කළුතර උතුර පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයා සිය මිතුරන් සමග අදාල හෝටලයේ සාදයක් පවත්වා ඇති අතර ඉන් අනතුරුව පිහිනුම් තටාකයේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශන වලින් අනාවරණය වන බව කළුතර උතුර පොලීසිය පවසයි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර නාගොඩ මහා රෝහලේ මෘත ශරීර ගාරයේ තැන්පත් කර ඇත.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

Share This