හිටපු අග්‍රාමාත්‍ය මහින්ද, පවිත්‍රා සහ රෝහිතගේ විදේශ ගමන් තහනම ඉවතට

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද, පවිත්‍රා සහ රෝහිතගේ විදේශ ගමන් තහනම ඉවතට

මැයි 09 වනදා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කිහිපදෙනෙකුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කළේය.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න යන පුද්ගලයින්ට ද එම නියෝගය බලපැවැත්වෙනු ඇති.

මෙම නියෝගය ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත යොමු කරන ලෙසත් විදේශ ගමන් බලපත්‍ර මුදාහරින ලෙසත් මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයේ සඳහන්ය.

ඔවුන් සැකකරුවන් ලෙස නම් කර නොමැති බැවින් ඔවුන්ගේ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ජනාධිපති නීතිඥ ශවෙන්ද්‍ර ප්‍රනාන්දු මහතා සිදු කළ ඉල්ලීම සලකාබැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.

Share This