වේරගොඩ විද්‍යාලයේ කොන්ක්‍රීට් තාප්පයට යට වූ අනෙක් දරවන්ගේ තත්ත්වය යහපත් අතට

වේරගොඩ විද්‍යාලයේ කොන්ක්‍රීට් තාප්පයට යට වූ අනෙක් දරවන්ගේ තත්ත්වය යහපත් අතට

වැල්ලම්පිටිය වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ කොන්ක්‍රිට් තාප්පයක් කඩා වැටීමෙන් ඊයේ සිදුවූ අනතුරෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට සහ රිජ්වේ ළමා රෝහලට ඇතුළත් කළ දරුවන්ගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය පවසයි.

කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ දරුවාගේද තතත්වය යපහත් අතට හැරෙමින් තිබෙන බව අධ්‍යක්ෂවරයා පැවසුවේය.

වැසි සහිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් පාසල් භූමිය තුළ පිහිටි අවදානම් ස්ථානයන් පිලිබඳව වැඩි අවධානයෙන් පසුවිය යුතු බවද හෙතෙම ගුරුවරුන්ට සහ වැඩිහිටියන්ට දැනුම් දී සිටියි.

Share This