කිරිදි ඔයේ තිබී හමුවූ අලි හිසේ සුලමුල හෙළිවෙයි

කිරිදි ඔයේ තිබී හමුවූ අලි හිසේ සුලමුල හෙළිවෙයි

කිරිදි ඔයේ ගසාගෙන එමින් තිබු යාන්ත්‍රික කියතකින් කපා වෙන්කරන ලද අලියෙකුගේ හිස් කොටස සම්බන්යෙන් පශ්චාත් මරණ පරික්ෂණය අද (15) ඌව මධ්‍යම පලාත් භාර පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතාගේ ප්‍රධානවත්යෙන් වැල්ලවාය වනජීවි කලාපයට අයත් තෙලුල්ල ජනපදය හුරත්ගමුව ප්‍රදේශයේදි සිදු කෙරිණි.

අලියාගේ හිසට වෙඩි පහර වැදී ඇති අතර උණ්ඩ කොටස් දෙකක් මොලයේ තිබි සොයාගෙන ඇත.

වෙඩිවැදිමෙන් පසු මෙම අලියා මියගොස් ඇති බවත් ඉන් අනතරුව අලියා කොටස්වලට කපා දමන්ට ඇති බවත් වනජිවි නිළධාරිහු පවසති.

මෙම අලියාගේ හිස්කබල දින තුනකට පමණ පෙර ප්‍රෙද්ශවාසින් පිරිසක් විසින් හුරත්ගමුව පංසල ආසන්නයේ පිහිටි මංසල මංකඩ ස්ථානයට මිටර් 150ක් පමණ නුදුරින් තිබියදී සොයාගත් අතර ඊට මිටර් 400ක් පමණ ඈතින් වැටකෙයියයා ගාලක තිබී අලියාගේ යැයි සැකකෙරෙන බඩවැල් ද සොයා ගන්නාලදි.

එම අලියාගේ හිස කොටසේ එක් කනක් හා හොඩවැලෙහි කොටසක්ද කියතෙන් කපා දමා තිබුණි.

මෙම මියගිය අලියාගේ ශරිරයේ අනිකුත් කොටස්ද කෑලි වලට කපාදාමා කිරිදිඔයට දමන්නට ඇතැයි වනජිවි නිළධාරිහු පවසති.

මෙම අලියාගේ ඝාතනය සම්බන්යෙන් වැඩිදුර විමර්ශණ වැල්ලවාය අලි පාලන ඒකකයේ අඩවිආරක්ෂක නිශාන්ත ප්‍රේමලාල් මහතා ප්‍රමුඛ නිළධාරින් හා ඌව කුඩාඔය පොලිසිය විසින් සිදුකරයි.

Share This