මව සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ හිමිනමක විසින් දියණිය කෙලෙසලා

මව සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ හිමිනමක විසින් දියණිය කෙලෙසලා

11 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබේ.

හිමිනම දැරියගේ මව සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර හිමිනමට අයත් මහල් නිවාසයක ඇය සමග මත්පැන් පානය කොට මෙම දැරියට අතවර කර ඇති බව වාර්තා වේ.

දින දෙකක් මෙලෙස දැරිය අපයෝජනයට ලක් වී තිබුණ ද මව විසින් දැරියට මෙම සිද්ධිය කිසිවෙකුට නොපවසන ලෙස බැන වැදී තිබේ.

කෙසේ වෙතත්, දැරිය සිය පියාට හා මිත්තණියට සිද්ධිය පැවසීමෙන් පසු පියා පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුවයි ගල්කිස්ස කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය අදාළ හිමිනම සහ සිද්ධියට අනුබලදුන් මව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම හිමිනම හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකුගේ බෞද්ධ කටයුතු උපදේශක ලෙස තනතුරු දරා ඇති බවද සදහන්ය.

 

Share This