මහේල ඉල්ලා අස්වෙයි

මහේල ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන එම අනතුරෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මීට අමතරව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ තාක්ෂණික මධ්‍යස්ථානයේද කටයුතු කල අතර මේත් සමග ඔහු එම ධුරයෙන්ද ඉවත් වී තිබේ.

ඇමෙරිකාවේදී පැවැති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල අසාර්ථක වීම පිළිබඳව මහේල ජයවර්ධනට ද චෝදනා එල්ල විය.