විශ්ව බුද්ධිමුණි යළිත් අත්අඩංගුවට

විශ්ව බුද්ධිමුණි යළිත් අත්අඩංගුවට

බෞද්ධාගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර, ඒවා අන්තර්ජාලයට මුදාහරිමින් ඉදිරිවාදිකම්වලට පෙළඹවීමේ ක්‍රියාවන් වල නිරත වෙමින් සිටි විශ්ව බුද්ධිමුණි හෙවත් රත්නපුරේ විමල බුද්ධි නමැති චීවරධාරියා පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙය සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගත් දෙවැනි අවස්ථාව වේ.

සැකකරු මීට පෙර මෙම චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර ඇප මත මුදා හැර සිටියදී, ඔහු අධිකරණ නියෝග නොතකමින් යළිත් දිගින් දිගටම මෙම ක්‍රියාවන්වල නිරතවීම නිසා ඊයේ (20) රාත්‍රියේ මොහු අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය මොහු සම්බන්ධයෙන් දෙවන වරටත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

Share This