කොළඹ ජල කාන්දුව 18% ක් දක්වා පහළට

කොළඹ ජල කාන්දුව 18% ක් දක්වා පහළට

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජලය අපතේ යාම 40% සිට 18 % ක් දක්වා අඩු වී තිබේ.

ඒ , ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ක්‍රියාත්මක කළ මහ කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ නව ව්‍යෘපතීය හේතුවෙනි.

එම ව්‍යාපෘතිය මගින් පැරණි ජල කාන්දු සිදු වූ නළ ඉවත් කර ඒ වෙනුවට අලුතින් ජල නළ එලනු ලැබුවේය.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී වසන්තා ඉලංගසිංහ සඳහන් කළේ ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බවයි.

Share This