“මග නැඟුම” සියලු සමාගම් විසුරුවා හැරේ

“මග නැඟුම” සියලු සමාගම් විසුරුවා හැරේ

“මග නැඟුම” සහ ඊට අනුබද්ධ සමාගම් හතරක් විසුරුවා හැරීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

අද (03) පෙරවරුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා කියා සිටියේ, මෙම ආයතන පවත්වාගෙන යෑමට මුදල් නොමැතිකම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

“මඟ නැඟුම යටතේ තියෙන සියලු සමාගම් විසුරුවා හරිනවා. මොකද ඒවා පවත්වාගෙන යන්න පුළුවන් ආදායමක් නෑ. කරන්න වැඩක් නෑ. වැඩ කරන්න මුදල් නෑ. ඒ නිසා ඒ ආයතන පවත්වාගෙන යන්න බෑ. ඒ ටික රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ යටතේ විසුරුවා හරිනවා. මඟ නැඟුම හා එයට සම්බන්ධ සමාගම් 4ක්.”

 

Share This