සා.පෙළ විභාග අධීක්ෂක වරයෙක් විභාග ශාලාවේ අද වැටී මියයයි

සා.පෙළ විභාග අධීක්ෂක වරයෙක් විභාග ශාලාවේ අද වැටී මියයයි

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විභාග අධීක්ෂකවරයෙක් ලෙස කටයුතු කළ ගුරුවරයෙක් අද (07) පෙරවරුවේ වත්තේගම බාලිකා විදුහලේ විභාග මධ්‍යස්ථානයේදී විභාගය ආරම්භවීමට සුළු මොහොතකට පෙර බිම් ඇදවැටී මිය ගොස් ඇත.

මේ සම්බන්ධව වත්තේගම පොලිසිය පැවසුවේ, මරණයට නිශ්චිත හේතුව ප්‍රකාශ කළ හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසුව බව ය.

විභාග මධ්‍යස්ථානයට පැමිණ සිටි සිසුන්ට ප්‍රශ්න පත්‍ර බෙදා දීමට සුළු වේලාවක් තිබියදී මෙම ගුරුවරයා විභාග මධ්‍යස්ථානයේ කාමරයක් තුළ සිටියදී හදිසියේ ඇද වැටී තිබෙන බව පොලීසිය පවසයි.

විභාග මධ්‍යස්ථානයේ රාජකාරියේ සිටි වත්තේගම පොලිසියේ පොලීසියේ නිලධාරීන් පිරිසක් විභාග මධ්‍යස්ථානයේ සිටි අයගේ ද සහයෝගය ලබා ගනිමින් අසනීප වූ ගුරුවරයා වත්තේගම රෝහලට ඇතුළත් කර ඇත.

රෝහල්ගත කිරීමෙන් පසු ගුරුවරයා මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ කේ.ජේ.සිල්වා නැමැති 48 හැවිරිදි ගුරුවරයෙකි.ඔහු කටුගස්තොට ප්‍රදේශයේ විදුහලක සේවය කරන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

Share This