පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය හිටපු ජනපතිනියට

පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය හිටපු ජනපතිනියට

පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වයට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පත් කිරීමට තීරණය කර තිබේ.

පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ඊයේ (06) පැවති විධායක සභා රැස්වීමේදී මේ තීරණයට එළඹි බවයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක තිසර ගුණසිංහ මහතා සඳහන් කළේ.

පොදුජන පෙරමුණු ව්‍යවස්ථා සංශෝධනය යටතේ නායකත්ව මණ්ඩලයේ 25% ක නියෝජනයක් හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 50% ක බලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවන බව ද තිසර ගුණසිංහ මහතා පැවසුවේ ය.

ඔහු සඳහන් කළේ, පොදුජන එක්සත් පෙරමුණේ නව නිලධාරී මණ්ඩලය ලබන 22 වැනි දා පත් කිරීමට ද තීරණය කළ බවයි.

ඒ අනුව පක්ෂයේ ලේකම් ධුරයට නව පුද්ගලයෙකු පත් කෙරෙනු ඇති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පුළුල් සන්ධානයක් යටතේ පුටුව ලකුණින් ඉදිරි මැතිවරණයට තරඟ කිරීමට නියමිතව ඇති අතර, සියලු දේශපාලන ප්‍රවාහ වලට ප්‍රභල අභියෝගයක් එල්ල කල හැකි අපේක්ෂකයෙකු මෙම සන්ධානයෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට සූදානම් බව ද දේශපාලන ආරංචි මාර්ග පවසයි.