ලිට්‍රෝ ගෑස් මිල අඩු වෙන හැටි

ලිට්‍රෝ ගෑස් මිල අඩු වෙන හැටි

ලිට්‍රෝ ගෑස් මිල හෙට (04) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කිරීමට කටයුතු කරන බව එහි සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඒ අනුව, ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3000 වඩා පහළ අගයකට ගෙන ඒමට අපේක්ෂා කරන බවයි, ඔහු සඳහන් කළේ.

එමෙන්ම, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල ද මෙයට සමගාමීව අඩුවනු ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.

හෙට දිනයේ අඩු කෙරෙන මිල ගණන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

පසුගිය මස 04 වනදා ලිට්‍රෝ සමාගම සිදුකළ මිල සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452කින් අඩු කෙරුණි.

ඒ, අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල මේ වන විට දැක්වෙන්නේ රුපියල් 3,186ක් ලෙසටයි.

එමෙන්ම කිලෝග්‍රෑම් 05ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,281ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 598ක් ලෙසටත් මේ වනවිට දැක්වෙයි.