ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල අඩු කෙරෙන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල 4,115කි.

එමෙන්ම, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,652කි.

කිලෝග්‍රෑම් 2.5ක සිලින්ඩරයක් මිල රුපියල් 23කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 772කි.