විදුලි බිලේ සහනය ලැබෙන්නේ මෙහෙමයි

විදුලි බිලේ සහනය ලැබෙන්නේ මෙහෙමයි

ජනතාවට විදුලි බිලේ සහනයක් ලබාදීමේ යෝජනාව අද (12) දිනයේ මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ, මේ වනවිට එහි සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

ඒ අනුව, ඒකක 0 – 30, 0 – 60 සහ 0- 90 අතර විදුලිය පරිභෝජනය කරන ජනතාවට ඉන් සහනයක් සැලසෙන බව ද ඔහු සඳහන් කළා.