web hit counter
දිස්ත්‍රික්ක 4 කට අදාළ හෙද පුහුණු සම්මුඛ පරීක්ෂණ හෙට සහ අනිද්දා

දිස්ත්‍රික්ක 4 කට අදාළ හෙද පුහුණු සම්මුඛ පරීක්ෂණ හෙට සහ අනිද්දා

සිසු හෙද පුහුණුවට බදවා ගැනීම සදහා ගාල්ල, මාතර, මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලට අදාල සම්මුඛ පරීක්ෂණ 2024.01.13 හා 14 දෙදින ගාල්ල සහ මඩකලපුව හෙද විදුහල්වල පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II චාමික එච්.ගමගේ මහතා පවසයි.

මීට අදාල සියලුම විස්තර සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් පිටුවේ (https://www.health.gov.lk/) පලකර ඇති හෙයින් එය පරිශීලනය කර අවශ්‍ය තොරතුරු ලබා ගන්නා මෙන් ද ඒ මහතා වැඩිදුරටත් දන්වා සිටියි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )