කර­න්දෙ­ණිය PHI ඝාතනය සෙවීමට පොලිස් කණ්ඩායම් හයක්

කර­න්දෙ­ණිය PHI ඝාතනය සෙවීමට පොලිස් කණ්ඩායම් හයක්

නාදුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් ඊයේ (27) ජීවිතක්ෂයට පත්වූ කර­න්දෙ­ණිය සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරී කාර්යා­ලයේ පරි­පා­ලන මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක රොෂාන් කුමාර විතා­නාච්චි මහතාගේ ඝාතකයන් හදුනා ගැනීමට පොලිස් කණ්ඩායම් හයක් මේ වනවිට යොදවා ඇති බව ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

සිය කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ වෙනමම විශේෂ පොලිස් කණ්ඩායමක් මේ ඝාතනයේ සුලමුල හෙළිකර ගැනීම සදහා යෙදවූ බව ද එම කාර්යාලය කියයි.

මේ වනවිට මෙම ඝාතනය සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් තවමත් හදුනාගෙන නැති බවත් ඉදිරි දිනවලදි බොහෝවිට එය අනාවරණය කරගත හැකි බවද එම කාර්යාලය පවසයි.