ලන්ඩන් සරසවියක ඉගෙනුම ලබමින් සිටි යාපනේ තරුණයෙක් පිහි ඇනුමකින් මරුට

ලන්ඩන් සරසවියක ඉගෙනුම ලබමින් සිටි යාපනේ තරුණයෙක් පිහි ඇනුමකින් මරුට

ලන්ඩනයේ දුම්රියක් තුළ සිදු වූ පිහි ඇනුමකින් ශ්‍රී ලංකික තරුණයෙකු මරුට

ලන්ඩනයේදී සිදු වූ පිහි ඇනුමකින් ශ්‍රී ලංකික තරුණයෙකු ඊයේ (11) ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, යාපනය කරෙයිනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි එස්.වින්දන් නැමති 16 හැවිරිදි තරුණයෙකි.

පිහි ප්‍රහාරයට ලක් වුනු තරුණයාගේ වකුගඩුවට සිදුවූ හානියක් හේතුවෙන් මියගොස් ඇති බවයි පැවසෙන්නේ.

ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන මෙම තරුණයා විශ්ව විද්‍යායලය හමාර වී දුම්රියෙන් සිය නිවස බලා එමින් සිටියදී නිරිතදිග ලන්ඩනයේ ට්විකන්හැම් ප්‍රදේශයේදී දුම්රියක් තුළ මෙම පිහි ඇනුම සිදුව ඇත.

වහාම ක්‍රියාත්මක වූ දුම්රිය මගීන් පිරිසක් සිසුවාට පිහියෙන් අනින ලද පුද්ගලයින් හතර දෙනෙකු අල්ලා ගෙන ආරක්ෂක නිලධාරීන් වෙත බාර දීමෙන් පසුව එම හතර දෙනා ට්විකන්හැම් පොලිසිය බාරයට ගෙන තිබේ.

මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ලන්ඩනයේ ට්විකන්හැම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇත.