web hit counter
දිස්ත්‍රික්කයක රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

දිස්ත්‍රික්කයක රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

අද (16) සහ හෙට (17) යන දෙදින සඳහා අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

සිදුකරනු ලබන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එදින සේවාවන් ලබා ගැනීමට වේලාවක් වෙන් කරගත් සේවාලාභීන් සඳහා ඔවුන් කැමති වෙනත් දිනයක සේවාවන් ලබා ගත හැකියි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )