මල්වතුහිරිපිටිය හිමිනම ඝාතනයේ වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුට

මල්වතුහිරිපිටිය හිමිනම ඝාතනයේ වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුට

ගම්පහ මල්වතුහිරිපිටිය විහාරස්ථානයකදී හිමි නමක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

32 හැවිරිදි සැකකරු අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අත්තනගල්ල යටවක ප්‍රදේශයේ සැඟවූ ආයුද සොයාගැනීම සඳහා ගොස් සිටියදී පළායාමට උත්සාහ දරා ඇති අතර එහිදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකාර වෙඩික්කරු මියගොස් ඇත.

එමෙන්ම මෙම වෙඩිතැබීමේදී තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු ප්‍රථිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය සඳහන් කළේය.

ගම්පහ මල්වතුහිරිපිටිය, කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ පූජ්‍ය කළපලුවාවේ ධම්මරතන හිමින් පසුගිය ජනවාරි 23වැනිදා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස සැකකෙරෙන මෙම පුද්ගලයාව මොණරාගල හම්බේගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකටයුතු පුද්ගලයෙකු ප්‍රදේශයේ සිටින බවට හම්බෙගමුව පොලිස් ස්ථානයේ බුද්ධි අංශ නිලධාරීන් වෙත ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

Share This