ශිෂ්‍යත්ව ප්‍රථිපල දින 45කින්

ශිෂ්‍යත්ව ප්‍රථිපල දින 45කින්

පහ වසර ශිෂ්‍යත්ව විභාගය කිසිදු ගැටලුකාරි තත්ත්වයකින් තොරව ඊයේ (15) සාර්ථිකව අවසන් වූ බවත් විභාග ප්‍රතිඵල දින හතළිස් පහක් ඇතුළත නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

ශිෂ්‍යත්ව විභාගය අවසන් වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් කොමසාරිස් ජනරාල්වරයා මේ බව කීවේය.

මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත් ඇගැයීමේ කටයුතු මෙම 26 දා සිට ආරම්භ කරන බව නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා ඊයේ (15) පැවසීය.

මේ මස 31 වැනිදා දක්වා දින 6ක් පුරා ඇගැයීම් කටයුතු සිදු කර දින 45ක් වැනි කාලයක් තුළදී ප්‍රතිඵල නිකුත් කළ හැකි බව ද ඒ මහතා පැවසුවේය.

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ සියලුම පිළිතුරු පත්‍ර අද (16) උදෑසන වන විට රට පුරා ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන මඟින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිත යැයිද හෙතෙම පැවැසීය.

රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් 11ක් ශිෂ්‍යත්ව විභාගය සඳහා ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානයට යොමු කළ බවත් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් 4කට රෝහලේ විභාග මධ්‍යස්ථානයක් පිහිට වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

 

Share This