![දවසේ ලග්න පලපල – 2024 ජනවාරි මස 26 වන සිකුරාදා දවසේ ලග්න පලපල – 2024 ජනවාරි මස 26 වන සිකුරාදා](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2024/01/asrology-1.jpg?quality=100&f=auto)
දවසේ ලග්න පලපල – 2024 ජනවාරි මස 26 වන සිකුරාදා
රාහු කාලය
10:54 am – 12:23 pm
සුභ දිශාව
නැගෙනහිර
මරු සිටින දිශාව
ගිණිකොන
මේෂ
වගකීම් බහුල වෙයි. තවද අතපසු වීම්වලට හේතුයි. අනවශ්‍ය වියපැහැදම් ඇතිවීම නිසා තරමක් ණය තුරුස්වලට ද හේතුයි. සතුරන් දමනය කර තම වැඩ ඉදිරියට ගෙන යයි. සෙම් රෝග ඌෂ්ණ රෝග මතුවේ.
![Qries](https://divaina.lk/astrologysymbols/wushaba.jpg)
වෘෂභ
තම අරමුණු බාධා ගෙන දෙයි. සිත් නොසන්සුන් ක්‍රියාවන් යෙදේ. ඍජුගුණයෙන් ක්‍රියා කළයුතු පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. මහජන ප්‍රසාදයට පත්වන කරුණුවල යෙදේ. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.
![Qries](https://divaina.lk/astrologysymbols/mithuna.jpg)
මිථුන
ක්‍රියාශීලී දිනකි. ලිපි ලේඛන ක්‍රියාවන්ගෙන් ජය ලබයි. ගමන් බිමන් ද යෙදේ. නීතිමය ගැටලු යහපත් ලෙස නිරාකරණය වෙයි. භූමිය පිළිබඳ ක්‍රියාකාරකම්වලින් ද ජය ගෙන දෙයි. ලාභ ලබයි. වාතාධික රෝග මතු කරයි.
![Qries](https://divaina.lk/astrologysymbols/kataka.jpg)
කටක
රාජකාරි උනන්දුවෙන් ඉටුකරයි. ප්‍රීති සාද යෙදේ. උගතුන් වියතුන් ඇසුරට පත්වෙයි. තම වටිනාකම මතුවේ. නව නිර්මාණකරණයට හේතුයි. අමතර ආදායම් මාර්ග සැකසේ. හදිසි ලාභ දෙයි. සිරස ගත රෝග මතු කරයි.
![Qries](https://divaina.lk/astrologysymbols/sinha.jpg)
සිංහ
ශුභාශුභා මිශ්‍රඵල මතු කරයි. බොහෝකොට හුදකලාව ගත කරයි. මිතුරන් සමග සුහදතාව මතු කරයි. තම ආර්ථිකයේ සැලසුම් හීනවෙයි. ස්ථාන මාරුවකට හේතු මතුවෙයි. ස්නායුගත රෝගවලට හේතුයි.
![Qries](https://divaina.lk/astrologysymbols/kanya.jpg)
කන්‍යා
ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. අලසගති ඉස්මතු කරයි. ජීවිතයේ ක්‍රියාකාරකම් ගැන කලකිරෙයි. තරමක් දහමට ලැදිව ක්‍රියාකරයි. තම ඥාතීන්ගෙන් උදව් උපකාර ද ලබයි. සෙම් රෝග මතු කරන දිනකි.
![Qries](https://divaina.lk/astrologysymbols/thula.jpg)
තුලා
තරමක් කලකිරීම් මත දවස ගෙවයි. තම ඥාතීන් සමග තරමක් සුහදතා වර්ධන කටයුතුවල යෙදේ. ආර්ථිකයේ පීඩා මතු කරයි. ණයතුරුස් වීමට ද ඉඩ තිබේ. දහමට ලැදිවෙයි. බඩවැල්වල රෝග, අර්ශස් රෝග මතුවේ.
![Qries](https://divaina.lk/astrologysymbols/wushchika.jpg)
වෘශ්චික
ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. සිත් චංචල කරවන ක්‍රියාවන් යෙදේ. පවුලේ සාමාජකියන් සමග තරමක් වාද මතු කරයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු දිනකි. හදිසි ලාභ මතුවේ. මුඛ රෝග, සිරසගත රෝග මතුවේ.
![Qries](https://divaina.lk/astrologysymbols/danu.jpg)
ධනු
ශුභාශුභ දෙයි. කලකිරීම් ඇතිකරවන ප්‍රශ්න මතු කරයි. වැයපස ඉහළ යන කරුණු යෙදේ. ඍජු ගුණයෙන් ක්‍රියාකරයි. දහමට ලැදිවෙයි. තම ඥාතීන්ද දහමට යොමු කරවයි. මුත්‍රා ආසාදන රෝග මතුවෙයි.
![Qries](https://divaina.lk/astrologysymbols/makara.jpg)
මකර
ශුභවාදී ඵල දෙයි. තම ඥාතීන් සමග සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. මිල මුදල් වැයවන කරුණු යෙදේ. නව නිර්මාණ ඇරඹීමට හේතුයි. තම පවුලේ සාමාජිකයන් දහමට යොමු කරවයි. සෙම් රෝග මතුවෙයි.
![Qries](https://divaina.lk/astrologysymbols/kumbha.jpg)
කුම්භ
ශුභාශුභ මිශ්‍රඵල දෙයි. හුදකලාව ක්‍රියාකරයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත මිල මුදල් වැය කිරීමට සිදුවෙයි. ආදර සබඳතා වර්ධනය වෙයි. දහමට ලැදිව ක්‍රියාකරයි. වාතාධික රෝග ඇතිවන දිනකි.
![Qries](https://divaina.lk/astrologysymbols/meena.jpg)
මීන
ශුභාශුභ ඵල දෙයි. තම නිවසේ ක්‍රියාකාරකම්වල යෙදේ. ඥාතීන් සමග සුහදතාව ඇතිකර ගනී. මිල මුදල් වැය වෙයි. ණයතුරුස්වලට ද හේතුයි. ආගමික ක්‍රියාවන් ගරු කරයි. ඉදිමුම් රෝගවලට හේතුයි.