ජනපති සනත් නිශාන්තගේ නිවසට

ජනපති සනත් නිශාන්තගේ නිවසට

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ හදිසි අභාවය ගැන දැනගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ ඔහුගේ කොළඹ පිහිටි නිවසට පැමිණ රාජ්‍ය ඇමැතිවරයාගේ බිරිඳ සහ දරුවන් වෙත සිය ශෝකය පළ කළේය.

රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා සිදුකිරීමට සැලසුම් කර තිබේ.

අද (25) අලුයම කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවු රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත් වුණි.

Share This