දවසේ ලග්න පලාපල – 2023 මැයි මස 24 වන බදාදා

දවසේ ලග්න පලාපල – 2023 මැයි මස 24 වන බදාදා

රාහු කාලය
12:07 pm – 1:41 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
නිරිත

Qries

මේෂ

ශුභා ශුභ ඵලදෙන අතර තරමක් කාර්යබහුල වෙයි. තමන්ගේ වැඩ කටයුතු අඩපණ වන නමුත් අන් අය වෙනුවෙන් ක්‍රියා කිරීමට සිදුවෙයි. තම ඥාතීන් නිසා වැය පසද ඉහළ යයි. හදිසි ධන ලාභද දෙයි. උෂ්ණ රෝග සාදයි.

Date: 2023-05-23

ජය අංකය: 09
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

තම පවුලේ වගකීම් රැසක් තමා පිට පැවරේ. තරමක් මිල මුදල් ද වැයවේ. තරමක් දුරට ණය තුරුස්වීමටද ඉඩ තිබේ. ව්‍යාපාරවලද පැහැදිලි දියුණුවකට හේතුයි. සුළු සුළු ලාභ ලැබීම්වලටද හේතුයි. ස්නායුගත රෝග මතුකරන දිනකි.

Date: 2023-05-23

ජය අංකය: 03
ශුභ වර්ණය: අළුපැහැ
Qries

මිථුන

ලිපි ලේඛන ක්‍රියාවන්ගෙන් සම්මුඛ සාකච්ඡා වැනි දේවලින් ජයගෙන දෙන දිනකි. අමතර ක්‍රියාකාරකම් වලද යෙදේ. අතරමග නතර කළ ක්‍රියාකාරකම් ඉදිරියට කරගෙන යෑමට හැකිවෙයි. සෙම් පීඩා ගෙනදෙන රෝග මතුවේ.

Date: 2023-05-23

ජය අංකය: 06
ශුභ වර්ණය: රතු
Qries

කටක

ශුභා ශුභ ඵලදෙයි. ක්‍රියාකාරී දිනකි. ආගමික පුද පූජා වැනි දේවලට යොමුවෙයි. විනෝදජනක ක්‍රියාවන්ද යෙදෙයි. තම ව්‍යාපාර නිසා සතුටුදායක වන දිනකි. අමතර ලාභද ලබයි. සිරසගත රෝගද සාදයි.

Date: 2023-05-23

ජය අංකය: 04
ශුභ වර්ණය: දම්
Qries

සිංහ

වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවන දිනකි. තරමක් ආවේගශීලී ගති මතුකරයි. කෙටි ගමන් බිමන්ද යෙදේ. වැයපසද නොහිතන තරමට වැයවෙයි. හදිසි ලාභද ලබයි. සන්ධිගත රෝගද මතුකරයි.

Date: 2023-05-23

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා දම්
Qries

කන්‍යා

ශුභවාදී ඵල මතුකරන අතර තම අරමුණු තරමක් දුරට ජයගනී. තම ඥාති මිත්‍රාදීන්ගෙන් උදව් උපකාරද ලබයි. තම සුපුරුදු ක්‍රියාවන්හි ප්‍රබෝධයෙන් යෙදේ. සෙම් කෝප රෝගද මතුවේ.

Date: 2023-05-23

ජය අංකය: 02
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

ශුභා ශුභ ඵල මතුකරයි. ගමන් බිමන් යෙදෙන නමුත් ප්‍රවේශම මැනවි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදුවෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන්වලට යොමුවෙයි. උදරාබාධ, මූල වාතරෝග මතුවේ.

Date: 2023-05-23

ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ශුභා ශුභ ඵලදෙයි. තරමක් ක්‍රියාශීලීව කටයුතුවල යෙදේ. ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. සතුරු බලපෑම් දමනය වෙයි. සමාජ සත්කාරවල යෙදේ. වැය පස ඉහළ යයි. සිරසගත රෝග මතුවේ.

Date: 2023-05-23

ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
Qries

ධනු

ශුභවාදී ඵල දෙයි. තරමක් සුහදතා වර්ධන ක්‍රියාවන්හී යෙදේ. රැකියාවන්හි අවබෝධයෙන් යෙදේ. තම ව්‍යාපාරවලද පැහැදිලි දියුණුවකට හේතුයි. යටපත්ව තිබූ රෝග නැවත මතුකරයි.

Date: 2023-05-23

ජය අංකය: 01
ශුභ වර්ණය: රෝස
Qries

මකර

ශුභා ශුභ ඵලදෙයි. තරමක් අලසව ක්‍රියාකරයි. තමන් ගැන කලකිරීම් මතුවෙයි. අතමිට තරමක් හිඟවෙයි. ඇසුරු කරන්නන් උදව් උපකාර වැනි දේ ලබයි. වාතාධික රෝග පැන නඟී.

Date: 2023-05-23

ජය අංකය: 09
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. රාජකාරිවල ප්‍රබෝධමත්ව යෙදේ. සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. තම ඥාතීන්ගේද අවසරය මත දවස ක්‍රියාකරයි. අමතර ලාභ ලැබේ. සෙම් වැනි රෝග මතුවේ.

Date: 2023-05-23

ජය අංකය: 05
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

මීන

ශුභවාදී ඵල මතුවෙයි. තම අරමුණු තරමක් ජයගනී. කලක් මනසට ගෙනදුන් ප්‍රශ්න නිරාකරණය වෙයි. ඥාති සබඳතා වර්ධනය වෙයි. අමතර ලාභද ලබයි. උදරාබාධ රෝග මතුවෙයි.

Date: 2023-05-23

ජය අංකය: 07
ශුභ වර්ණය: තද කහ
Share This