විදේශ ගමන් බලපත්‍ර දෙකකින් පැමිණි චීන ජාතිකයා වහාම පිටුවහල් කරන්නැයි නියෝග

විදේශ ගමන් බලපත්‍ර දෙකකින් පැමිණි චීන ජාතිකයා වහාම පිටුවහල් කරන්නැයි නියෝග

විදේශ ගමන් බලපත්‍ර දෙකකින් පැමිණි චීන ජාතිකයා වහාම පිටුවහල් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ආගමන විගමන පාලකවරයාට නියෝග කර තිබේ.

අදාළ චීන ජාතිකයා ඊයේ (22) ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැදවන ලෙස අමාත්‍ය ටිරාන් අලස් මහතා ආගමන විගමන පාලකවරයාට උපදෙස් ලබාදී තිබිණ.

ඒ අනුව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව හා විදෙස් ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමෙන් පසුව එම චීන ජාතිකයා වහාම පිටුවහල් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නියෝග කර ඇත.

අදාළ චීන ජාතිකයා පසුගිය 18 වන දින රාත්‍රී ඩුබායි හි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී චීන ජාතිකයා සතුව චීන ගුවන් ගමන් බලපත්‍රයකට අමතරව අප්‍රිකානු රටක් වන ගිනියාවට අයත් ගුවන් බලපත්‍රයක් ද තිබි ඇති බව අනාවරණය වීමත් සමඟ ඔහුව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගනු ලැබීය.

Share This