දවසේ ලග්න පලාපල – 2023 ඔක්තෝබර් මස 26 වන බ්‍රහස්පතින්දා

දවසේ ලග්න පලාපල – 2023 ඔක්තෝබර් මස 26 වන බ්‍රහස්පතින්දා

රාහු කාලය
1:24 pm – 2:53 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
දකුණ

Qries

මේෂ

ශුභාශුභ මිශ්‍රඵල උදාකරයි. ගමන් බිමන් අධික දිනකි. කාලය කලමනාකරණයෙන් ක්‍රියාකළ යුතුය. ප්‍රීති උත්සව, සාද වැනි දේවලට ද සහභාගි වීමේ අවස්ථා යෙදෙන අතර හදිසි ලාභ ද දෙයි. සිරසගත රෝග ද මතුකරයි.

Date: 2023-10-26

ජය අංකය: 05
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

ක්‍රියාකාරකම් බහුල දිනකි. අවිවේකය මත අතපසුවීම්වලට ද හේතුයි. මංගල උත්සව, සාද වැනි දේවල්වලට සහභාගි වීමට සිදුවන අතර බලාපොරොත්තු රහිත ලෙස වැයපස අධික වෙයි. වාතාධික රෝග මතුකරයි.

Date: 2023-10-26

ජය අංකය: 02
ශුභ වර්ණය: රන්වන්
Qries

මිථුන

ප්‍රබෝධවත්ව දවසේ ක්‍රියාකරයි. නව වැඩ නව නිපැයුම් ඇරඹීමට හේතුයි. උත්සව, සාද වැනි දේවල යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. ඇති නෑදෑකම් ප්‍රබල වෙයි. වැයපස තරමක් ඉහළ යයි. සන්ධි ප්‍රදාහ රෝග මතුකරයි.

Date: 2023-10-26

ජය අංකය: 03
ශුභ වර්ණය: රන්වන්
Qries

කටක

මහජන ප්‍රසාදයට පත්වන ක්‍රියාකාරකම්වල යෙදෙන අතර වැයපස ද ඉහළ යන දිනකි. විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකරන අතර හදිසි ලාභ ලබන දිනකි. සෙම්කෝප රෝග මතුකරයි.

Date: 2023-10-26

ජය අංකය: 04
ශුභ වර්ණය: කහ
Qries

සිංහ

ගමන් බිමන් බහුල වෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන අතර තුරඟ තරග ආදියෙන් ජයගනී. සතුරු බලවේග පරාද කරයි. විනෝදජනක කටයුතුවල යෙදෙන අතර කලක් වධදුන් රෝගවල සුව තත්ත්ව උදාවේ.

Date: 2023-10-26

ජය අංකය: 06
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ශුභවාදී ඵල මතුකරයි. මංගල සාද වැනි දේට හේතුයි. තම ඥාති මිත්‍රාදීන් අතර සබඳතා වර්ධනය වන කරුණු යෙදේ. පොදු සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. හදිසි ලාභ මතුකරයි. වාතාධික රෝග මතුවෙයි.

Date: 2023-10-26

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා රෝස
Qries

තුලා

ශුභවාදී ඵල මතුකරයි. ප්‍රේම සබඳතා ඇතිවෙයි. තම අරමුණු ජයගනී. සතුරන් පරාජය වෙයි. තම ආර්ථික වර්ධනයට කරුණු යෙදේ. විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. වැයපස ඉහළ යයි. ආහාර විෂවීම්වලට හේතුයි.

Date: 2023-10-26

ජය අංකය: 08
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ශුභවාදී ඵල මතුකරයි. ඥාති මිත්‍රතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. මංගල සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. අලංකාර කටයුතුවල යෙදෙන අතර වැයපස ඉහළ යයි. සිරසගත රෝග ද මතුවේ.

Date: 2023-10-26

ජය අංකය: 07
ශුභ වර්ණය: රතු
Qries

ධනු

තනි තීරණ මත ක්‍රියා කිරීමෙන් බාධා ඉස්මතු වෙයි. පොදු සේවා කටයුතු සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. අනවශ්‍ය ලෙස වියපැහැදම් ඇතිවන ණයතුරුස්වලට හේතු වන දිනකි. නේත්‍ර රෝග, මුඛ රෝග මතුකරයි.

Date: 2023-10-26

ජය අංකය: 01
ශුභ වර්ණය: තද කහ
Qries

මකර

ක්‍රියාශීලී දිනකි. ප්‍රීති උත්සව, සාද වැනි දේවලට හේතුයි. රාජකාරි ස්ථානවල පැවැති සතුරන් දමනය වෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. තරමක් වැයපස ඉහළ යයි. කොන්දේ අමාරු, වාත රෝග සාදයි.

Date: 2023-10-26

ජය අංකය: 08
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

ඍජු ගුණයෙන් ක්‍රියා කරයි. ප්‍රීති උත්සව, සාද වැනි දේ යෙදේ. අලංකාරය සඳහා වැයපස ද ඉහළ යයි. දහමට ද ලැදිව ක්‍රියාකරයි. මහජන ප්‍රසාදයට ලක්වෙයි. හදිසි ධන ලාභ ලබයි. ස්නායුගත රෝග මතුකරයි.

Date: 2023-10-26

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

අවිවේකී ගති ඇතිකරයි. රාජකාරි බහුල වෙයි. ලිපි ලේඛන වලින් ජය දෙන දිනකි. සිත් චංචල කරවන ප්‍රශ්න ද මතුකරයි. ඉඩකඩම් මිලට ගැනීමට ශුභයි. හදිසි ධන වාසනා එල්ල වේ. සෙම්කෝප රෝග මතුවේ.

Date: 2023-10-26

ජය අංකය: 09
ශුභ වර්ණය: දම්
Share This