හමාස් ප්‍රහාරයෙන් මියගිය අනුලාට අවසන් ගෞරව දක්වයි

හමාස් ප්‍රහාරයෙන් මියගිය අනුලාට අවසන් ගෞරව දක්වයි

ඊශ්‍රායලයේදී හමාස් ප්‍රහාරයෙන් මියගිය අනුලා ජයතිලක මහත්මියගේ දේහයට ඊශ්‍රායලයේදී ආගමික වතාවත් සිදු කර අවසන් ගෞරව දක්වා තිබෙනවා.

අවසන් ගෞරව දැක්වීම හා ආගමික වතාවත් ඉතා චාම් හා ගෞරවාන්විතව ලෙස අද දින සිදු කළ බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා කියාසිටියේ.

ගාසා තිරයේ නිවසක සාත්තු සේවිකාවක ලෙස රැකියාව කරමින් සිටියදී පසුගිය 7 වනදා එල්ල වූ හමාස් ප්‍රහාරයට ගොදුරු වීමෙනුයි අනුලා ජයතිලක රත්නායක මහත්මිය ජීවිතක්ෂයට පත්වූයේ.

ඇයගේ දේහය තානාපති නිමල් බණ්ඩාර මහතා විසින් බාරගෙන මෙරටට එවීමට පියවර ගෙන තිබෙනවා.

දේහය එවීමට පෙර තානාපතිවරයාගේ උපදෙස් මත භික්ෂූන් වහන්සේ නමක් සහ කිතුනු පියතුමන්ලා වැඩමකරවා අද දින (25) මතක වස්ත්‍ර පූජා කිරීම ඇතුළු ආගමික් වතාවත් ද ඉටු කරනු ලැබුවා.

ඒ සඳහා ඊශ්‍රායල‍් තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය, අනුලා මහත්මිය සේවය කළ නිවසේ සාමාජිකයන් මෙන්ම එරට සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද සහභාගී වූ බවයි තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ.

Anula Jayathilaka Death11

Anula Jayathilaka Death15

Anula Jayathilaka Death12

Anula Jayathilaka Death17

Anula Jayathilaka Death20

Share This