දවසේ ලග්න පලාපල – 2024 පෙබරවාරි මස 06 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2024 පෙබරවාරි මස 06 වන අඟහරුවාදා

රාහු කාලය
3:23 pm – 4:52 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
බස්නාහිර

Qries

මේෂ

ශුභාශුභ මිශ්‍රඵල ගෙන දෙයි. රාජකාරි බහුල වෙයි. තරමක් අවිවේකී බව ගෙන දෙයි. දුරගමන් ද යෙදෙන අතර තරමක් වැයපස ද ඉහළ යයි. භූමි ලාභ සම්පත් ගෙන දෙන දිනකි. උෂ්ණ රෝග ශිරෝ රෝග මතු කරයි.

Date: 2024-02-06

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

වෘෂභ

තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනෙයි. රාජකාරිය ද තරමක් කාර්ය බහුලයි. තම ඥාතීන්ගේ අවශ්‍යතාවයන්වල ද යෙදෙන අතර සතුරු බලපෑම්ද ඇති වන බැවින් ඉවසීම මැනවි. මූල අර්ශස් රෝග මතුවේ.

Date: 2024-02-06

ජය අංකය: 04
ශුභ වර්ණය: අළු
Qries

මිථුන

ගමන් බිමන් තරමක් බහුල වෙයි. නව නිර්මාණ ඇරඹීමට ද ශුභයි. උගතුන් වියතුන් ආදීන්ගෙන් උදව් උපකාර ද ලබයි. අලංකාර ක්‍රියා සඳහා තරමක් වැය ඉහළ යයි. සෙම් දූෂිත රෝග ඌෂ්ණ රෝග සාදයි.

Date: 2024-02-06

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

කටක

රාජකාරි ක්‍රියාවන් වල උනන්දුවෙන් යෙදෙන අවිවේකී දිනකි. වෙළහෙළදාම්වලින් ජයගෙන දෙයි. තම අරමුණු තරමක් ජයගෙන දෙයි. ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියාකරයි. ශිරෝ රෝගවලට හේතු ගෙන දෙයි.

Date: 2024-02-06

ජය අංකය: 01
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

ශුභවාදී ඵල මතු කරයි. තම අරමුණු තරමක් ජයගනී. ගමන් බිමන් බහුල දිනකි. පොදු සේවා සමාජ සත්කාර ක්‍රියාවන්හි යෙදේ. ජනප්‍රසාදයට හේතු කරුණු යෙදේ. තම ආර්ථික වර්ධන ක්‍රියාවන් යෙදේ. ආමාශගත රෝග ආහාර විෂවීම්වලට හේතුයි.

Date: 2024-02-06

ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. ගමන්වලදී ප්‍රවේශම මැනවි. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදය දිනකි. රාජකාරිවල උනන්දුවෙන් යෙදේ. හදිසි ධන වාසනා ලාභ ලබන දිනකි. සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසා රෝග මතු කරයි.

Date: 2024-02-06

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. ප්‍රීති උත්සව යෙදේ. රාජකාරි බහුල දිනකි. සතුරු බලපෑම් එල්ල වෙයි. බුද්ධිය මෙහෙයවා ක්‍රියාකළ යුතු නව නිර්මාණ ඇරඹීමට ශුභයි. උසස් ඇසුරට පත්වෙයි. යටපත්ව තිබූ රෝග නැවත මතු කරයි.

Date: 2024-02-06

ජය අංකය: 03
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. රැකියා ස්ථානවල සතුරු බලපෑම් මතු කරයි. ආවේගශීලී ගති ඉස්මතු කෙරෙයි. ඉවසීමෙන් තමන්ට ජය ලබාගත හැකි අතර අමතර ලාභ ලැබීම්වලට හේතුයි. ආහාර විෂවීම් මත ආසාත්මිකතා රෝග සාදයි.

Date: 2024-02-06

ජය අංකය: 04
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභාශුභ මිශ්‍රඵල ගෙනදෙයි. ක්‍රියාකාරකම් බහුල දිනකි. ගමන් බිමන්ද අධික වීමෙන් වැයපස ද ඉහළ යයි. සුහදතා වර්ධන ක්‍රියාවන්වල ද යෙදෙන අතර හදිසි ලාභ ද ලබයි. මුත්‍රා ආසාදන රෝග මතුවේ.

Date: 2024-02-06

ජය අංකය: 02
ශුභ වර්ණය: කහ
Qries

මකර

ශුභාශුභ ඵලදෙයි. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. හවුල් ව්‍යාපාරවලින් ජයගෙන දෙයි. නව නිර්මාණකරණයට ශුභයි. උගතුන්ගෙන් උපදෙස් උපකාර ලබයි. නේත්‍ර රෝග, මුඛ රෝග සාදයි.

Date: 2024-02-06

ජය අංකය: 08
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම් යෙදේ. සතුරු බලපෑම් දමනය වෙයි. තම ළඟම ඥාතියකු වෙනුවෙන් මුදලක් වැය කිරීමට සිදුවේ. තමන්ට ද අමතර ලාභ ලැබීමකට හේතුයි. ඉදිමුම් රෝග මතුවේ.

Date: 2024-02-06

ජය අංකය: 07
ශුභ වර්ණය: දම්
Qries

මීන

ශුභාශුභ පලදෙයි. තම ව්‍යාපාරවල පැවැති අඩුපාඩු දැනගනී. ඇසුරු කරන්නන් නිසා තරමක් අලාභ ගෙන දෙයි. මහජන ප්‍රසාදයට පත්වන අතර හදිසි ධන ලාභද ලබයි. සෙම් ආශ්‍රිත රෝග පෙණහලු රෝග මතුවේ.

Date: 2024-02-06

ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි
Share This