දවසේ ලග්න පලාපල – 2023 මැයි මස 10 වන බදාදා

දවසේ ලග්න පලාපල – 2023 මැයි මස 10 වන බදාදා

රාහු කාලය
12:07 pm – 1:40 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
නිරිත

Qries

මේෂ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ක්‍රියාශීලී දිනකි. රාජකාරි වලට අමතර ක්‍රියාකාරකම් වල යෙදේ. පොදු වැඩ සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. මහජන ප්‍රසාදයට පත්වන ක්‍රියාවන්හි යෙදේ. හදිසි ලාභ ලබයි. සෙම් බහුල වූ රෝග මතු කරයි.

Date: 2023-05-09

ජය අංකය: 05
ශුභ වර්ණය: තැඹිලි
Qries

වෘෂභ

ක්‍රියාකාරකම් බහුල දිනකි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු වෙයි. දුරදිග බලා තීන්දු තීරණ ගත යුතු දිනකි. රාජකාරිද බහුල වෙයි. අතපසුවූ වැඩ ඉදිරියට කරගෙන යාමේ ශක්තිය ඇතිවෙයි. වාතාධික රෝග මතු කරයි.

Date: 2023-05-09

ජය අංකය: 01
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

මිථුන

රාජකාරි බහුල වන අතර අවිවේකී බව ගෙනදෙයි. තරමක් ආවේගශීලී ගතිද ඉස්මතු කරයි. ඇසුරු කරන්නන් නිසා තරමක් මනසට වධ දෙන ප්‍රශ්නද ගෙනදෙයි. එබැවින් බොහෝ බුද්ධිමත්ව ක්‍රියාකළ යුතුයි. හදිසි රෝග, කැපුම් කෙටුම් ඇතිවේ.

Date: 2023-05-09

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

කටක

දුරදිගබලා ක්‍රියාකළ යුතු දිනකි. රැවටිලි වලට හසුවීමෙන් අලාභ අවාසි ගෙනදෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. තම මතයත් ජයගනී. දහමටද ලැදිව ක්‍රියාකරන දිනකි. සිරසගත රෝගද මතු කරයි.

Date: 2023-05-09

ජය අංකය: 04
ශුභ වර්ණය: දම්
Qries

සිංහ

ශුභඵල මතු කරයි. උගතුන් ඇසුරට පත්වෙයි. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. තම ඥාතීන්ගේ අරමුණ මත බාධා වර්ධනය වෙයි. දහමට ලැදිව ක්‍රියාකරයි. සෞඛ්‍ය පිළිබඳව ගැටලු මතු කරයි.

Date: 2023-05-09

ජය අංකය: 07
ශුභ වර්ණය: රෝස
Qries

කන්‍යා

තනතුරු ලාභ ලැබීම් වලට හේතුයි. ක්‍රියාශීලී දිනකි. උනන්දුවෙන් රැකියාවල යෙදේ. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. තම ව්‍යාපාර වල පැහැදිලි දියුණුවකට හේතුයි. ආමාශගත රෝග වලට හේතුයි.

Date: 2023-05-09

ජය අංකය: 06
ශුභ වර්ණය: ලා කොල
Qries

තුලා

ශුභාශුභ මිශ්‍ර ඵල මතු කරයි. සම්මුඛ පරීක්‍ෂණ සාකච්ඡා ආදියට ශුභයි. කෙටි ගමන් බිමන් බහුල වෙයි. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. හන්දි රෝග ඉදිමුම් රෝග ආදියට හේතුයි.

Date: 2023-05-09

ජය අංකය: 08
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. තම අරමුණු බාධා ගෙනදෙයි. අවිවාහකයන්ට ශුභයි. ළඟම ඥාතියකු වෙනුවෙන් අවශ්‍යතා මත මිල මුදල් වැයවේ. උදරාබාධ වලට හේතුයි. තීරණ ගැනීමේදී දුරදිග බලා ක්‍රියාකළ යුතුයි.

Date: 2023-05-09

ජය අංකය: 02
ශුභ වර්ණය: රතු
Qries

ධනු

සුළුවෙන් හෝ ගමන් බිමන් යෙදේ. බලාපොරොත්තු රහිත මිල මුදල් වැයවේ. ආදායම් මාර්ගවලද තරමක් හිරවීම් ඇතිවෙයි. දහමට අවතීර්ණ වෙයි. ඌෂ්ණාධික රෝග, සෙම් කෝප ඇතිවෙයි. ප්‍රීති සාදවලටද යොමුවේ.

Date: 2023-05-09

ජය අංකය: 09
ශුභ වර්ණය: ලා රෝස
Qries

මකර

අසල්වැසියන් සමඟ ඒකරාශිව ක්‍රියාකරයි. රාජකාරි වැඩ තරමක් අවුල් සහගත තත්ත්ව ඇතිවෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත මිල මුදල් වැයවේ. ලේ දූෂිත රෝග මතු කරයි. දුරදිග බලා තීරණගත යුතු දිනකි.

Date: 2023-05-09

ජය අංකය: 03
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

ක්‍රියාශීලී දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව පොදු සේවා කටයුතු ආගමික කටයුතු ආදියෙහි යෙදේ. තම තැන්පත් ධනය තරමක් වැයවෙයි. වාත වේදනා ඉදිමුම් ආදී රෝග මතු කරයි. ප්‍රීති සාදවලටද සහභාගි වෙයි.

Date: 2023-05-09

ජය අංකය: 03
ශුභ වර්ණය: ලා දම්
Qries

මීන

ගමන් බිමන් මත අවිවේකයද ආර්ථිකයද තරමක් හීනවෙයි. තම ඥාතියකු නිසා තරමක් වේදනාවට පත් වෙයි. ණයතුරුස් වීමටද ඉඩ තිබේ. සෙම් බහුල රෝග පෙනහළු රෝග සාදයි. දහමටද අවතීර්ණ වෙයි.

Date: 2023-05-09

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා රතු
Share This