දවසේ ලග්න පලපල – 2023 දෙසැම්බර් මස 20 වන බදාදා

දවසේ ලග්න පලපල – 2023 දෙසැම්බර් මස 20 වන බදාදා

රාහු කාලය
12:08 pm – 1:36 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
නිරිත

 

Qries

මේෂ

වගකීම් බහුල වෙයි. තවද අතපසු වීම්වලට හේතුයි. අනවශ්‍ය වියපැහැදම් ඇතිවීම නිසා තරමක් ණය තුරුස්වලට ද හේතුයි. සතුරන් දමනය කර තම වැඩ ඉදිරියට ගෙන යයි. සෙම් රෝග ඌෂ්ණ රෝග මතුවේ.

Date: 2023-12-19
ජය අංකය: 07
ශුභ වර්ණය: සුදු
Qries

වෘෂභ

තම අරමුණු බාධා ගෙන දෙයි. සිත් නොසන්සුන් ක්‍රියාවන් යෙදේ. ඍජුගුණයෙන් ක්‍රියා කළයුතු පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. මහජන ප්‍රසාදයට පත්වන කරුණුවල යෙදේ. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.

Date: 2023-12-19
ජය අංකය: 02
ශුභ වර්ණය: අළු පැහැය
Qries

මිථුන

ක්‍රියාශීලී දිනකි. ලිපි ලේඛන ක්‍රියාවන්ගෙන් ජය ලබයි. ගමන් බිමන් ද යෙදේ. නීතිමය ගැටලු යහපත් ලෙස නිරාකරණය වෙයි. භූමිය පිළිබඳ ක්‍රියාකාරකම්වලින් ද ජය ගෙන දෙයි. ලාභ ලබයි. වාතාධික රෝග මතු කරයි.

Date: 2023-12-19
ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

රාජකාරි උනන්දුවෙන් ඉටුකරයි. ප්‍රීති සාද යෙදේ. උගතුන් වියතුන් ඇසුරට පත්වෙයි. තම වටිනාකම මතුවේ. නව නිර්මාණකරණයට හේතුයි. අමතර ආදායම් මාර්ග සැකසේ. හදිසි ලාභ දෙයි. සිරස ගත රෝග මතු කරයි.

Date: 2023-12-19
ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

ශුභාශුභා මිශ්‍රඵල මතු කරයි. බොහෝකොට හුදකලාව ගත කරයි. මිතුරන් සමග සුහදතාව මතු කරයි. තම ආර්ථිකයේ සැලසුම් හීනවෙයි. ස්ථාන මාරුවකට හේතු මතුවෙයි. ස්නායුගත රෝගවලට හේතුයි.

Date: 2023-12-19
ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. අලසගති ඉස්මතු කරයි. ජීවිතයේ ක්‍රියාකාරකම් ගැන කලකිරෙයි. තරමක් දහමට ලැදිව ක්‍රියාකරයි. තම ඥාතීන්ගෙන් උදව් උපකාර ද ලබයි. සෙම් රෝග මතු කරන දිනකි.

Date: 2023-12-19
ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

තරමක් කලකිරීම් මත දවස ගෙවයි. තම ඥාතීන් සමග තරමක් සුහදතා වර්ධන කටයුතුවල යෙදේ. ආර්ථිකයේ පීඩා මතු කරයි. ණයතුරුස් වීමට ද ඉඩ තිබේ. දහමට ලැදිවෙයි. බඩවැල්වල රෝග, අර්ශස් රෝග මතුවේ.

Date: 2023-12-19
ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. සිත් චංචල කරවන ක්‍රියාවන් යෙදේ. පවුලේ සාමාජකියන් සමග තරමක් වාද මතු කරයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු දිනකි. හදිසි ලාභ මතුවේ. මුඛ රෝග, සිරසගත රෝග මතුවේ.

Date: 2023-12-19
ජය අංකය: 08
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභාශුභ දෙයි. කලකිරීම් ඇතිකරවන ප්‍රශ්න මතු කරයි. වැයපස ඉහළ යන කරුණු යෙදේ. ඍජු ගුණයෙන් ක්‍රියාකරයි. දහමට ලැදිවෙයි. තම ඥාතීන්ද දහමට යොමු කරවයි. මුත්‍රා ආසාදන රෝග මතුවෙයි.

Date: 2023-12-19
ජය අංකය: 01
ශුභ වර්ණය: දම්
Qries

මකර

ශුභවාදී ඵල දෙයි. තම ඥාතීන් සමග සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. මිල මුදල් වැයවන කරුණු යෙදේ. නව නිර්මාණ ඇරඹීමට හේතුයි. තම පවුලේ සාමාජිකයන් දහමට යොමු කරවයි. සෙම් රෝග මතුවෙයි.

Date: 2023-12-19
ජය අංකය: 03
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. හුදකලාව ක්‍රියාකරයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත මිල මුදල් වැය කිරීමට සිදුවෙයි. ආදර සබඳතා වර්ධනය වෙයි. දහමට ලැදිව ක්‍රියාකරයි. වාතාධික රෝග ඇතිවන දිනකි.

Date: 2023-12-19
ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ශුභාශුභ ඵල දෙයි. තම නිවසේ ක්‍රියාකාරකම්වල යෙදේ. ඥාතීන් සමග සුහදතාව ඇතිකර ගනී. මිල මුදල් වැය වෙයි. ණයතුරුස්වලට ද හේතුයි. ආගමික ක්‍රියාවන් ගරු කරයි. ඉදිමුම් රෝගවලට හේතුයි.

Date: 2023-12-19
ජය අංකය: 09
ශුභ වර්ණය: කහ
Share This