කෘත්‍රීම බුද්ධිය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයක්

කෘත්‍රීම බුද්ධිය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයක්

කෘත්‍රීම බුද්ධිය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීමට හැකිවන පරිදි 2003 අංක 27 දරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනතට අවශ්‍ය සංශෝධන හඳුන්වාදීම සඳහා සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්ධන නියෝජිතායතනයක් පිහිටුවා එහි කොටසක් ලෙස කෘත්‍රීම බුද්ධිය සඳහා වූ ජාතික මධ්‍යස්ථානය පිහිටුවීමට මෙමගින් ජනාධිපතිවරයා යෝජනා කර ඇත.

රජයේ ඩිජිටල් සංවර්තන ක්‍රියාවලිය මෙහෙයවීම සඳහා උපායමාර්ගික හා ප්‍රතිපත්තිමය නායකත්වය ලබාදීමද, ආයෝජනයට උපදෙස් ලබාදීම සහ අධීක්ෂණය කිරීමද එම ආයතන පිහිටුවීමේ අරමුණකි.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්තනය තුළ වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක වීමටත්, එහි ප්‍රතිඵල ලබාගැනීමටත් පුළුල් බලතල සහිත ආයතනයක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව රජය මෙම තීරණය ගෙන තිබේ.

Share This