කුරුන්දි විහාරස්ථානයේ උණුසුම් තත්වයක්

කුරුන්දි විහාරස්ථානයේ උණුසුම් තත්වයක්

මුලතිව් ඓතිහාසික කුරුන්දි රජමහා විහාරස්ථානයේ අද (18) පොන්ගල් පූජාවක් පැවත්වීම සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුලු පිරිසක් ඇතුලු වීමෙන් කුරුන්දි විහාරයේ දායකයින් සමඟ උණුසුම් තත්ත්යක් ඇතිව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුලු පිරිස මුලතිව් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව මුලතිව් කුරුන්දි විහාර භූමියේ පොන්ගල් පූජාවක් පැවත්වීමට පැමිණ ඇත.

එය නීති විරෝධී බව පවසමින් එහි දායකයෝ එයට විරෝධය පෑ අතර එහිදී දෙපාර්ශවය අතර උණුසුම් වචන හුවමාරු වෙමින් උණුසුම් තත්වයක් හට ගත්හ.

අනතුරුව එම ස්ථානයට පැමිණි විහාරයේ විහාරාධිපති ගල්ගමුවේ ශාන්තබෝධි හිමියන් විසින් අධිකරණ නියෝගය හේතුවෙන් පොන්ගල් පූජාව පැවත්වීමට අවස්ථාව ලබාදෙන නමුත් ඉදිරියේදී මෙවැනි සදාචාර විරෝධී ක්‍රියා නොකරන ලෙසටද මන්ත්‍රීවරයා ඇතුලු පිරිසට දැනුම් දුන් අතර එම අවස්ථාවේදී විහාරාධිපති හිමියන්ට බැන වදිමින් එම පිරිස උණුසුම්කාරීව හැසිරුණහ.

අනතුරුව එම ස්ථානයට පැමිණි මුලතිව් පොලීසිය විසින් තත්වය පාලනය කර පුරා විද්‍යා නිලධාරීන්ද කැඳවා පොංගල් පූජාව පැවත්වීමට සුදුසු ස්ථානයක් පිළියෙළ කර දීමට කටයුතු කෙරිණි.

 

Share This