කිරිපිටි මිල තව දුරටත් පහත හෙළීමට සමාගම් වල එකඟත්වය

කිරිපිටි මිල තව දුරටත් පහත හෙළීමට සමාගම් වල එකඟත්වය

ඉදිරියේ දී කිරිපිටි වල මිල ගණන් තව දුරටත් පහත හෙළීමට මෙරට ප්‍රධාන කිරිපිටි අපනයන සමාගම් එකඟත්වය පළ කර තිබෙන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

සිය මුහුණු පොතේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ, එම සමාගම් වල නියෝජිතයින් සමඟ ඊයේ පැවති සාකච්ඡාවේ දී එම එකඟත්වය පළ කළ බවයි.

ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් වාර්තාවක් වෙළඳ අමාත්‍යාංශය වෙත ලැබීමට ද නියමිතව ඇති බව වෙළඳ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

Share This