ගුරු මාරු ගැන ජනපතිට පැමිණිල්ලක්

ගුරු මාරු ගැන ජනපතිට පැමිණිල්ලක්

ගුරු මාරු සම්බන්ධයෙන් නිසි විද්‍යාත්මක ක්‍රියාමාර්ගයක් ගන්නා තුරු ගුරු ස්ථාන මාරුවීම් තාවකාලිකව නතර කරන ලෙස කොළඹ ප්‍රධාන ජාතික පාසල් කිහිපයක විදුහල්පතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

කොළඹ රාජකීය විද්‍යාලය ඇතුළු විදුහල් කිහිපයක විදුහල්පතිවරුන් ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇත.

මෙලෙස සිදු වන ගුරු මාරුවීම් කිසිදු පිළිගත හැකි නිර්ණායකයන්ට යටත්ව ක්‍රියාත්මක නොවන බවද විදුහල්පතිවරුන් දැනුම් දී ඇත.

ගුරු මාරු කිරීමේදී මේ වන විට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් වීම සහ අ.පො.ස සා.පෙළ විභාගය අවසන් නොවීමත් යන කාරණය සලකා බැලිය යුතු බවද විදුහල්පතිවරුන් ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන්ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගුරු මාරු මණ්ඩලය විසිරුවා හැරීමට මීට පෙර කටයුතු කරනු ලැබූ අතර ගුරු සංගම්වලට අවශ්‍ය පරිදි ගුරු මාරු ක්‍රියාත්මක වීම නතර කොට විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ගුරු මාරු සිදු කිරීම එහි අපේක්ෂාව විය.

Share This