ඉන්දීය රියැලිටිය දිනූ යාපනේ කිල්මීෂාට ජනපතිගෙන් ඇමතුමක්

ඉන්දීය රියැලිටිය දිනූ යාපනේ කිල්මීෂාට ජනපතිගෙන් ඇමතුමක්

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව විසින් සංවිධානය කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් ශ්‍රී ලාංකික දැරියක වන කිල්මීෂා උදයශීලන් වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනමා තිබේ.

14 හැවිරිදි කිල්මීෂා උදයශීලන් දැරිය යාපනය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, ශ්‍රී ලාංකික දැරියක් ඉන්දීය රියැලිටි තරගයක ජය හිමිකරගත් පළමු අවස්ථාව ද මෙය වේ.

කිල්මීෂා උදයශීලන් දැරිය රටට ලබාදුන් කීර්තිය අගයමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇය වෙත සුබපැතුම් පණිවිඩයක් ද යොමුකර තිබෙන අතර, එසේම දැරිය දුරකථනය ඔස්සේ ද සම්බන්ධ කර ගනිමින් ඇයගේ ඉදිරි අධ්‍යාපන මෙන්ම සංගීත කටයුතු ද සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළකර තිබේ.