පරෙවි දූපත වසා දමයි

පරෙවි දූපත වසා දමයි

ඊසාන දිග මෝසම් වර්ෂාව ආරම්භවීමත් සමග මුහුදේ වාරකන් සමය එලඹීම නිසා ත්‍රිකුණාමලය නිලාවේලි පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසාදැමු බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

දූපත නැරඹීමට බෝට්ටු මගින් යන සංචාරකයන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන තිබේ.

මුහුදේ මෙම රළු ස්වභාවය බොහෝවිට ලබන වසරේ පෙබරවාරි අවසන් වන තෙක් පවතින අතර ඒ අතරවාරයේ ඇතැම් දිනවල මුහුද සාමාන්‍ය ස්වභාවයක් ගන්නා දිනවල දූපත නැරඹීමට සංචාරකයන්ට ඉඩදිය හැකි බවත් එම දින කවදාදැයි තීරණය කල නොහැකි බවත් පරෙවි දුපත් උද්‍යාන නිලධාරීහු පැවැසුහ.

Share This