විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් අද

විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් අද

විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් අද (08) පැවැත්වෙයි.

අද පෙරවරු 11.00 ට විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේදී මෙම හමුව පැවැත්වේ.

එහිදී ලබන බ්‍රහස්පතින්දා විවාදයට ගැනීමට නියමිත මහබැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ජා කිරීමට නියමිතව තිබේ.

මේ අතර, දැනට සංවාදයට තුඩු දී ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සමග මේ සතියේ සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන බව, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේ ය.

Share This