ගසක අත්තක් කඩා වැටී තවත් පාසල් සිසුවෙකු මරුට

ගසක අත්තක් කඩා වැටී තවත් පාසල් සිසුවෙකු මරුට

නොර්වුඩ් මාර්ගයේ කපමින් තිබු ගසක අත්තක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි පාසල් සිසුවකු නාවලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

නොර්වුඩ් විදුහලේ 09වන වසර ඉගෙනුම ලබන වයස අවුරුදු 14ක මුරුගන් ආසන්ත් නැමති මෙම පාසල් සිසුවා තම නිවසේ සිට කොන්ඩය කැපිම සදහා නගරයට යමින් සිටියදි මෙම සිද්ධියට මුහුණදි ඇත.

මෙම සිද්ධිය සම්බන්දයෙන් එම මාර්ගයේ ගස කපමින් සිටි පුද්ගලයන් පස් දෙනකු සැක පිට අත් අඩංගුවට ගෙන ඇති බව
නොර්වුඩ් පොලීසිය පවසයි.