කෙහෙළියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

කෙහෙළියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට ඇප ඉල්ලා ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම කොළඹ මහාධිකරණය විසින් අද (03) නිෂ්ප්‍රභා කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ, කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප දීමට තරම් සුවිශේෂි කරණු ඉදිරිපත් කර නොමැති බවයි.