“පාස්කු ප්‍රහාරය ගැන අධිකරණය හමුවේ ප්‍රකාශයක් දීම අනවශ්‍යයි” – මෛත්‍රී කියයි

“පාස්කු ප්‍රහාරය ගැන අධිකරණය හමුවේ ප්‍රකාශයක් දීම අනවශ්‍යයි” – මෛත්‍රී කියයි

පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදී ඇති බැවින් හෙට (04) දිනයේ අධිකරණය හමුවේ යළි ප්‍රකාශයක් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (03) දැනුම් දුන්නේය.

නීතීඥ සන්දීප්ත සූරියආරච්චි මහතාගේ මෝසමකට අනුව මෙම නඩුව කැදවූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මගින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව මේ වනවිටත් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දීර්ඝ ප්‍රකාශයක් ලබාදී ඇති බව පෙන්වාදෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම කරුණු දැක්වීම සිදුකර තිබේ.

Share This