කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්

කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා තමාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.

තමාට ඇප නියම කිරීම මහේස්ත්‍රාත් අධිකරණයෙන් කීප විටක්ම ප්‍රතික්ෂේප කළ බව පෙන්වා දෙන කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඕනෑම කොන්දේසියක් යටතේ ඇප නියම කරන්නැයි ඉල්ලා සිට ඇත.

ඒ අනුව, එය සඳුදා සළකා බැලීමට නියමිත බවයි, වාර්තා වන්නේ.