කසුන් කල්හාර “රඟහල” ප්‍රසංගයට එන්න බෑ කියූ හේතුව “ඉරාජ්” ද ?

කසුන් කල්හාර “රඟහල” ප්‍රසංගයට එන්න බෑ කියූ හේතුව “ඉරාජ්” ද ?

ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් සහභාගී වන “රඟහල” ප්‍රසංගයට ලංකාවේ ජනප්‍රියම ගායකයකු එක් නොවන බව ඔහු නිළ වශයෙන් සඳහන් කර තිබෙනවා. ඒ කසුන් කල්හාරයි.

මීට හේතුව ලෙස ඔහු සඳහන් කර තිබෙන්නේ සංවිධායකවරුන් මීට පෙර එකඟ වූ පරිදි ප්‍රසංගය පැවැත්වීමට කටයුතු නොකිරීමයි.

එහෙත් ඉරාජ් වීරරත්න මෙම ප්‍රසංගය සඳහා සහභාගී වන හෙයින් ඔහු මෙම ප්‍රසංගයට සහභාගී නොවන බව සමාජ මාධ්‍ය තුල යම් කතා බහක් ද පවතියි.

‘රඟහල‘ නමැති මෙම ප්‍රසංගය ලබන 28 වනදා පවත්වන්නට දින යොදා අදාළ ප්‍රවේශ පත්‍ර අලෙවි කරමින් තිබූ අතර කසුන් කල්හාර, සේනක බටගොඩ, උමාරා සිංහවංශ හා රොමේෂ් සුගතපාල යන කලාකරුවන් ප්‍රධාන කොටගත් ප්‍රසංගයක් ලෙස පවත්වන බවයි දැක්වුණේ.

නමුත් පසුව සංවිධායකයින් මෙම ප්‍රසංගයට ඉරාජ් වීරරත්න ගෙන්වීමට තීරණය කර ඇති අතර ඉරාජ්ගේ පැමිණීම හේතුවෙන් බොහෝ කලාකරුවන් ඒ සඳහා සහභාගී නොවන බවට දන්වා තිබුණා.

 

මේ සම්බන්ධව කසුන් කල්හාර සිය ෆේස්බුක් ගිනුමේ සටහනක්ද තබමින් නොපැමිනෙන බව නිළ වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ජූලි 28 වනදා Water’s Edge (The Grand Lawn) හි පැවැත්වීමට නියමිත “රඟහල” සංගීත ප්‍රසංගය සම්බන්ධව.

මේ කොන්සර්ට් එක සම්බන්ධයෙන් සංවිධායකවරුන් සහ මා අතර මුලදි තිබ්බ එකඟතාවයට පටහැණිව ප්‍රසංගයේ කටයුතු සංවිධානය වෙමින් තියෙනවා.

හෘද සාක්ෂියට එකඟව මට මේ ප්‍රසංගයට දායකත්වය ලබාදෙන්න බැහැ.

අපි මුලින් එකඟ වෙච්ච විදියට ප්‍රසංගය කරමු යැයි මං සංවිධායකවරුන්ට යෝජනා කළත්, ඔවුන් මගේ ඒ ඉල්ලීම නොසලකා හැරිය නිසා, ප්‍රසංගයෙන් ඉවත්වීමට මං තීරණය කළා.

මගේ ගායනය රසවිඳීමේ බලාපොරොත්තුවෙන් ටිකට් මිලදී ගත් රසිකයින්ව දැනුවත් කිරීම පිණිස මගේ ඒ තීරණය මේ විදියට ප්‍රසිද්ධියේ පළ කරනවා.

May be an image of 1 person and text

Share This