කසිප්පු බිව් පාසල් සිසුවෙක් රෝහල් ගත කෙරේ

කසිප්පු බිව් පාසල් සිසුවෙක් රෝහල් ගත කෙරේ

පස්සර ප්‍රදේශයේ පාසලක සිසුවෙක් කසිප්පු පානය කිරීමෙන් පසු ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

ඊයේ (14) දහවල් මෙම සිසුවා හදිසියේ අසනීප වී වමනය කරනු දුටු ගුරුවරු ඒ පිළිබඳව විමසූවිට ඔහු පවසා ඇත්තේ, තමා විදුහල අසල මහ පාරේ සිට බීම වර්ගයක් පානය කළ බවයි.

පසුව, ගුරුවරු විසින් එම සිසුවා කඩිනමින් පස්සර මූලික රෝහලට රැගෙන ඒමට කටයුතු කර තිබේ.

තමා කසිප්පු පානය කළ බවට රෝහලේ දී කළ ප්‍රකාශය මත වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට යැවූ බව පස්සර මූලික රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි චානක ගන්කන්ද මහතා පැවසීය.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ පස්සර ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යයෙකි.