සපත්තු වවුචරය සපත්තු කඩයට විකුණා පියා කසිප්පු බීලා

සපත්තු වවුචරය සපත්තු කඩයට විකුණා පියා කසිප්පු බීලා

සපත්තු වවුචරය කඩයට ලබා දී පියෙකු විසින් එම මුදල් වලින් කසිප්පු පානය කළ පුවතක් තිස්සමහාරාම ප්‍රදේශ‍යෙන් වාර්තා වෙනවා.

සපත්තු වවුචර ලබාදී තිබියදීත් සපත්තු නොදා පාසලට පැමිණෙන දරුවන් කිහිප දෙනකු කැඳවා ගුරුවරුන් කළ ප්‍රශ්න කිරීමකදී දරුවකු සඳහන් කර ඇත්තේ සපත්තු වවුචරය සපත්තු කඩේ මාමට දීලා ඒකේ සල්ලි ඉල්ලගෙන තාත්තා ඒ සල්ලි වලින් කසිප්පු බීලා.

ඒ නිසා සපත්තු ගන්න විදියක් නෑ යනුවෙන් දරුවා සඳහන් කළ බව තිස්සමහාරාමයේ පාසලක විදුහල්පතිවරයා සඳහන් කළේය.

තවත් දෙමාපියන් සපත්තු වවුචරය විකුණා අල පරිප්පු නිවසට ගෙන ඒමට කටයුතු කර ඇති බවත් අනාවරණය වී තිබේ.

සපත්තු වවුචර ලබාදී සපත්තු අනිවාර්ය කර තිබුණ ද එම දරුවන් විටින් විට පාසලට නොපැමිණීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මේ පිළිබඳ සොයා බැලීමේදී මෙම කරුණ අනාවරණය වූ බව තිස්සමහාරාම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු සඳහන් කළේය.

ජීවන අරගලයකත් සමග පොරබදන දෙමාපියන් මතට ඇබ්බැහිවීම වැඩි වී ඇති බවත් පාසල අවට හා ප්‍රදේශය පුරා ව්‍යාජ මත්පැන්හල් දිනෙන් දින වැඩිවෙමින් පවතින බැවින් ඉන් දරුවන් ආරක්‍ෂා කර ගැනීමද දැවෙන ප්‍රශ්නයක් බවත් විදුහල්පතිවරයා පැවසීය .