web hit counter
මෝදරදී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

මෝදරදී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

මෝදර රන්දිය උයන නිවාස සංකීර්ණයේදී ත්‍රිරෝද රියකින් පැමිණි දෙදෙනකු ඊයේ රාත්‍රි සිදු කළ වෙඩි තැබිමකින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි මීජයසෙවන පොලිසිය පවසයි.

වෙඩි වැදීමෙන් මෙසේ මියගොස් ඇත්තේ සෙන්දිල් ශන්මුගම් දුෂ්‍යන්තන් නොහොත් බඩා රංජි නැමැති 40 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

පාතාල කල්ලි දෙපිරිසක් අතර කාලයක සිට පවතින ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

මියගිය පුද්ගලයා දැනට ඉන්දියාවට පලාගොස් සිටින පූවුඩි කන්නා නැමැති පාතාල සාමාජිකයාගේ සමීපතමයකු බවත් කන්ජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධ වලින් පහරදීමේ සිද්ධියට මියගිය පුද්ගලයා සම්බන්ධ පුද්ගලයකු බවත් පොලිසිය පවසයි.

වැඩිදුර පරීක්ෂණ මීජයසෙවන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිස්ස මල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක සිල්වා මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )