දිගුකාලීන ඛනිජ තෙල් ගිවිසුමකට අත්සන් කරයි

දිගුකාලීන ඛනිජ තෙල් ගිවිසුමකට අත්සන් කරයි

ශ්‍රී ලංකා රජය, ආර්.එම්.පාර්ක්ස් කෝපරේෂන් (R.M. Parks Inc) සහ ෂෙල් සමාගම සමඟ එක්ව ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩාකිරීම, බෙදාහැරීම සහ විකිණීම සඳහා දිගුකාලීන ගිවිසුමකට මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අත්සන් තබා තිබේ.

කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ මත මෙම ගිවිසුමට අත්සන් කරන ලද බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.