මහනුවර අධිකරණ සංකීර්ණයට බෝම්බ බියක් – අධිකරණයේ වැඩත් නතර කෙරේ

මහනුවර අධිකරණ සංකීර්ණයට බෝම්බ බියක් – අධිකරණයේ වැඩත් නතර කෙරේ

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක වේ.

මේ සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පැවසුවේ 119 පොලිස් දුරකථන හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත මෙම විශේෂ මෙහෙයුම ආරම්භ කළ බවයි.

අද (02) පෙරවරු 10.00 පමණ එම දුරකථන ඇමතුම ලැබී තිබූ අතර පොලිසිය වහාම විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය කැඳවා එම විමර්ශන කටයුතු සිදුකරයි .

ඒ අනුව නඩු විභාග කිරීම නවතා දමා ජනතාව අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කොට තිබේ.

ඉහළ පොලිස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු අවධාරණය කර සිටියේ මෙම දුරකථන ඇමතුම කිසියම් පුද්ගලයකුගේ ව්‍යාජ දුරකථන ඇමතුමක් බවට අනාවරණය වුවහොත් තොරතුර ලබාදුන් දුරකථන අංකය ඔස්සේ පුළුල් විමර්ශනයක් සිදුකොට ඔහුට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි .

Share This